IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපනයට ජලය සපයන නව ව්‍යාපෘතියක්

(විනීතා එම්. ගමගේ)

යාපන අර්ධද්වීපයට ජලය සපයන නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

‘‘යාපනයට ගංගාවක්’’ ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතියට නෙදර්ලන්ත රජයේ අනුග‍්‍රහය ලැබෙන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ඩෝනවාඩ් මහත්මිය  පැවැසුවාය.

යාපන අර්ධද්වීපයේ බහුලව ඇති කලපු වලින් ධීවර කර්මාන්තය සඳහා යොදා නොගන්නා කලපුවලට මුහුදු ජලය පැමිණීම වළක්වමින් වැටි දමා ඒවාට වැසි ජලය එකතු කර පිරිපහදු කිරීමෙන්  ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගන්නා බව ද තානාපතිනිය කීවාය.

මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2020) ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ශක්‍යතා වාර්තා සැකසෙමින් ඇති බවත් කී තානාපතිනිය මෙය ඉතා සරල සංසිද්ධීන් මත සිදුකරන ව්‍යාපෘතියක් බවත් ඒ සඳහා විශේෂඥ දැන්ම ලබාදීම තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදුකරන බවත් පැවසුවාය.

නෙදර්ලන්තයේ භූමියෙන්  35 % ක් මුහුදු මට්ටමින් පහළ ඇතැයි කී ඇය තම රට සතු ජල කළමනාකරණ දැනුම අනුව රට මුහුදට යට නොවී පවතින බවත් මෙම ජල කළමනාකරණ දැනුම යාපනය ව්‍යාපෘතියේ දී යොදා ගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය. 

         



අදහස් (0)

යාපනයට ජලය සපයන නව ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site