IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාන් ඔය ජලාශයේ ඉදිකිරිමේ අවසන් අදියරේ


 
(දයාරත්න ඇඹෝගම)
 
යාන් ඔය හරස් කරමින් මෙරට ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන  යාන් ඔය ජලාශය ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර එය සැප්තැම්බර් මාසයේදි ජලයෙන් පිරවිමටද නියමිතය.


අනුරාධපුර රිටිගල කඳුවැටි පෙදෙසින් ආරම්භ වී රිටිගල හා හුරුළුවැව රක්‍ෂිත වලින් පෝෂණය ලබා ගලෙන්බිදුණු වැව, මොරකෑව, හොරොව්පතාන, රත්මලේ, කපුගොල්ලෑව, කහටගොල්ලෑව, ගෝමරන්කඩවල ආදී ප්‍රදේශ සරුසාර කරමින් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කල්ලරාව අසලින් මුහුදට ගලා බස්‌නා විසල් දිය දහරාවකි යාන් ඔය. 


නියං සමයේදී වැලි තලාවක්‌ මැදින් අලසව ගලා යන සිහින් දිය දහරක්‌ වුවත් වැසි සමය තුළ දෙගොඩ තලා යන ''බලගතු ජල කඳක්‌'' ලෙසින් යාන් ඔය  මුහුදට ගලා බසියි.


හුරුළු වැව හා වාහල්කඩ වැව හැරුණු විට මේ විසල් දිය දහරාවෙන් ප්‍රයෝජන ලබන තවත් වාරි ව්‍යාපෘතියක්‌ යාන්ඔය අවට නොමැති කමින් වසරක්‌ පාසා මෙසේ නිරපරාදේ මුහුදට ගලා බස්‌නා මෙම  යෝධ දියකඳ මෙල්ල කර  යාන් ඔය ජලාශය නමින් වාරි ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට 2012.08.16 දින රජය තීරණය කරනු ලැබීය.


ඒ අනුව යාන් ඔය හරස් කර කැබිතිගොල්ලෑව වාහල්කඩින්  වේල්ලක් බැඳ උතුරුමැද, නැගෙනහිර පළාත හා වන්නි දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ජලය සැපයීමේ අරමුණින්  යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය  ඉදි කිරීම ආරම්භ කර ඇත.  


ස්වාභාවික කදු පන්ති යා කරමින් ඉදි කර මෙහි ප්‍රධාන වේල්ල ඉදි කර ඇති අතර, හොරොව්පතාන ''යකිනිකන්ද'' හා ගෝමරන්කඩවල ''වෙහෙරබැඳි කන්ද'' යා කරමින් කොටස්‌ 4 කට ඉදිකරන මෙම ජලාශය මගින් හෙක්‌ටයාර් 4100 ක්‌ පමණ වූ ඉඩම් ප්‍රමාණයක්‌ යටවන බව ගණන් බලා තිබේ. 


චීන රජයේ ණය යෝජනා ක්‍රමයකට අනුව චීන රජයේ  ඉදි කිරීම් සමාගමක මෙහෙයවීමෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙයි.මෙහි ප්‍රධාන වේල්ල කිලෝ මීටර 2 කට ආසන්න දිගින් යුක්ත වන අතර, එහි ඉදි කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.


යාන් ඔය ජලාශයේ වැඩි ජලය පිට කරන වේල්ල මේ වන විට ඉදි කර අවසන්ය.මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 400  කට ආසන්න පිරිසකට  සිය නිවාස හා ඉඩ කඩම් අහිමි වන අතර, ඔවුන්ට වන්දි මුදල් ලබා දීමද රජය මගින් සිදු කරනු ලබයි.


 



අදහස් (1)

යාන් ඔය ජලාශයේ ඉදිකිරිමේ අවසන් අදියරේ

ලබුනෝරුවේ ආනන්ද පොඩි හාමුදුරුවෝ Tuesday, 03 January 2023 10:18 AM

මේකෙනුත් විදුලිය නිපදවෙනවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site