IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


යුද හමුදාව මුලතිව්හි කැඩුණු වැව් හදයි

රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික ගංවතුර තත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන් යුද හමුදා සෙබලුන් විසින් පිළිසකර කිරීම අද (27) සිදුකරමින් සිටියි.


මේ අනුව වර්ෂාව හා ගංවතුර හෙතුවෙන් මුලතිව්හි කැඩී ගිය කයිවේලි මරඳමඩු වැව, සින්නසම්බාල්කුලම් වැව, කල්ලුකුලම් වැව ඇතුළු කුඩා වැව් කිහිපයක් නැවත පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටියි. 


මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ පූර්ණ අධීක්ෂණයන් යටතේ 68 වැනි සේනාංකයට අයත් බලසේනාවන් විසින් කැඩී ගිය වැව් පිළිසකර කිරීම ආරම්භ කර ඇත.


ගංවතුර හේතුවෙන් මේ වන විටත් මුලතිව් දිස්ත්‍රීක්කයේ  ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 8282 කට අයත් පුද්ගලයින් 26,815 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 85ක් හා අර්ධ නිවාස හානි 1754ක් වාර්තා වී ඇත.


 



අදහස් (0)

යුද හමුදාව මුලතිව්හි කැඩුණු වැව් හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 491 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site