(මනෝජ් හර්ෂික)

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 23වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී බාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙයවේ.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී නව හමුදාපතිවරයා වෙත සිය සුභාශිංශන පිරිනැමු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා  අග්‍රාමාත්‍යවරයාට  සමරු තිළිණියක් ද පිරිනැමීය.