(සමන් පාලිත නානායක්කාර)
මහඔය අරලගංවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක වන අලියෙකු ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් අද (18) ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහඔය පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 12 බණ්ඩාරදූව හොරගොල්ල ගොනාගොල්ල උහන පදිංචිව සිටි නෙතු ජී නිහංසා නැමති හත් හැවිරිදි දැරියක් බව පොලිසිය පැවසීය.
එකම පවුලේ මව පියා හා දරුවන් දෙදෙනා යතුරුපැදියේ ගමන් ගෙන ඇති අතර යතුරු පැදිය අරලගංවිල මාර්ගයේ මාදුරු ඔය ජලාශයට හැරෙන හන්දිය අසලදී මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ඇඟේ හැපී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කීය.
මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටී දැරිය මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇති බවත් අනතුරින් පියා ද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන අලි මේ දවස් වල සීසීකඩ දුවනවා, හැප්පෙයි
අලියට මොකද උනේ කියලා ලියලා නැත්තේ කවුරුත් දන්නා නිසා වෙන්න ඇති.
මෙතන විකාර දොඩවන්නේ නැතුව මේ අලි මිනිස් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන අම්පාර නගරය කියන්නේ රෑ 8 න් පස්සේ අලි නගරය හරහා යන තැනක් මේ ගොනාගොල්ල අලි මන්කඩක් . රෑට එක දවසක් හරි අඩු ගන්නේ බස් එකකවත් මේ හරියේ ගිහින් තියනවනම් මේගැන දන්නවා. මේ අම්පාරේ අලි ප්‍රශ්නේ ට දිග අතීතයක් තියනවා 70 ගණන් වල හා ඩි එකේ ළමයෙක් මරුන අලියෙක් ගහල එදත් එහෙමයි අදත් මේ පැත්තේ ඉන්න අන්ත අසරණ , අහිංසක දරුවෝ , මිනිස්සු මැරෙනවා අලි හින්ද මේවා කාට කියන්න ද මන්ද අලුත් ජනපති තුමනි මේ අලි මිනිස් ගැටුමට විද්‍යානුකූල විසඳුමක් දෙන්න ඔබතුමාට එක මහඟු පිනක්.
පව් අහිංසක දරුවාට නිවන් සැප ලැබේවා.!