
(නිමල් ජයරත්න)
දිඹුලාගල සිරිපුර මාර්ගයේ රත්මල්කණ්ඩිය ප්‍රදේශයේ නවතා තිබු ලංගම බස් රථයක පිටු පසින් පැමිණි යතුරු පැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති බව සිරිපුර පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සිරිපුර කලුකැලේ අංක 140 ලිපිනයේ පදිංචිව සිටි 37 වියැති එම්.ජි. ඉන්දික පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.
බස් රථයේ රියදුරු පරික්ෂණ කටයුතු සිදු කිරිම සදහා සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලංගම බස් රථය රත්මල්කණ්ඩිය උපතැපල් කාර්යාලයෙන් ලියුම් තොග ගැනිම සදහා මාර්ගයේ නවතා තිබි ඇති අතර පිටු පසින් පැමිණි යතුරුපැදිකරු බස් රථය ඉස්සර කිරිමට යැමේදි මෙම අනතුර සිදුව ඇති බව පරික්ෂණ පවත්වන අරලගංවිල සහ සිරිපුර පොලිසි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd