IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරුපැදියක ගැටීමෙන් අයෙක් මරුට


(ප්‍රියානි මංගලිකා)

රස්නායකපුර, නෙලුම්ගල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයකු මරණයට පත්වූ බව රස්නායකපුර පොලීසිය පැවසීය.

රස්නායකපුර දෙසට  පයින් ගමන් කරමින් සිටි  මෙම පුද්ගලයා එම දෙසටම ගමන් කළ යතුරු පැදියක ගැටීමෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරුද අනතුරින් තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

රස්නායකපුර, නෙලුම්ගල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය අයගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය  රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන්  රස්නායකපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.



අදහස් (0)

යතුරුපැදියක ගැටීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site