(නිශාන්ත කුමාර සහ පාලිත ආරියවංශ)
සිය යට ඇදුම් තුළ සඟවාගෙන කල්මුනේ සිට බදුල්ල නගරය වෙත යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ සොරණාතොට රිදීපාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 10,110 ක් ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුනේ නින්දවූර්හි පදිංචි වයස අවුරුදු 35 ක හා පණ්ඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයන් දෙදෙනෙකි.
කුඩා පොලිතීන් බෑග්වල අසුරන ලද මත්කුඩු පාර්සල් සැකකරුවන්ගේ යට ඇඳුම්වල සඟවා ගෙන තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද (3) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - පාලිත ආරියවංශ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd