චන්දන ප්‍රනාන්දු
වෙන්නප්පුව උල්හිටියාවේ පදිංචි අයකුට යකඩ පොල්ලකින් හා විකට් කූරකින් ගසා බරපතල තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උල්හිටියාවේ පදිංචි 39 හා 43 හැවිරිදි දෙදෙනෙකි.
ඉකුත් ^26& දා දහවල් පහරකෑමට ලක්වු පුද්ගලයා මාර්ගයක් අසල සිටියදී සැකකරුවන් පැමිණ මෙලෙස පහර දී ඇති බවත් එම පහර කෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මාරවිල රෝහල් පොලිසිය මගින් කළ දැනුම් දීමක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරමින් සිටියදී සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් ඊයේ (2) ලැබුණු තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
මෙලෙස පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ උල්හිටියාවේම පදිංචි ඩබ් චරිත් සුසන්ත 33 නැමති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd