IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මේ ආණ්ඩුව පෙරළන්න බෑ - වසන්ත අලුවිහාරේ

පරාජිත දේශපාලනඥයින් කුමන දේ කිවත් මේ  යහපාලන ආණ්ඩුව කිසිවකුට පෙරළිය නොහැකි බව කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාපැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  නව වසර වෙනුවෙන් මාතලේ විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදිය.

අමාත්‍යවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක.මාතලේ විහාර පාර ශ්‍රි ධර්මරාජ මහ පිරිවෙන් විහාරාධීපති විශ්‍රාමලත් විදුහල්පති රාජකිය පණ්ඩිත පුජ්‍යපාද කොස්ගොල්ලේ සිලරතන නාහිමිපාණන් වහන්සේ සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක.මාතලේ කොටුවේගෙදර ශ්‍රි විද්‍යාරත්න පිරිවෙන් විහාරාධීපති පුජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ ,සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික වැලිගල පුරාණ විහාරාධිපති උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පුජ්ය‍පාද පුරිජ්ජ්ල සරණංකර නාහිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගත් අතර උන් වහනසේලා හමුවේ මාතලේ දිස්ත්‍රික්කය තුළ සිදු කරගෙන යන සංවර්ධනය කාර්යන් මෙන්ම වත්මන් දේශාපාලන ‍තත්වය ගැනද නායක හිමිවරුන් දැනුවත් කළේය.

විවිධ පිරිස් පවසන අන්දමින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරිමේදි රටට  කිසිදු අහිතකර තත්වයක් ඇති විටම ඉඩ නොතබන බවත් ඒ අවබෝධය ජනාධීපතිවරයාට හා අගමැතිවරයාට තිබෙන බවත් ඇතැම් දේශපාලනඥයින් මේ පිළිබදව රට තුළ වැරදි මතයක් පතුරුවමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.



අදහස් (0)

මේ ආණ්ඩුව පෙරළන්න බෑ - වසන්ත අලුවිහාරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site