(රොමේෂ් මධුෂංඛ)
ඇඳිරිනීතිය අතරතුර මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 900 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරමදී යුද හමුදාව හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙත තිබේ.
මාළු තොග කොළඹට ප්‍රවාහනය කර නැවත මන්නාරමට එමින් තිබූ මාළු ලොරියක් මන්නාරම ප්‍රධාන පාලම මත ඇති යුද හමුදා සෝදිසි මුරපොලේදී යුද හමුදාව හා මන්නාරම පොලිසිය එක්ව සිදුකරන ලද සෝදිසියකදී මාළු ලොරිය තුල වූ මාළු පෙට්ටි තුල ඉතා සූක්ෂමව සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇත.
මාළු රැගෙන යන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියේ රියදුරු ඇතුලු තවත් අයෙකු සමඟ ලොරිය හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය තොගය මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව මන්නාරම පොලිසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd