IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


"මහා බැංකු අධිපති ආයෙත් එපා"

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත් නොකරන්නැයි ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (30)  පැවැසීය.

ඉදිරියේ දී නිල කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයාට අධිචෝදනා, නොයෙකුත් චෝදනා හා විවේචන ඇති බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් ඔහු නැවත එම ධුරයට පත් නොකරන ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

කඩා වැටී ඇති විශ්වාසය ගොඩනැගීමටත් සැකයෙන් තොරව මූල්‍ය කටයුතු කරගෙන යෑමට හා නිවැරැදි මූල්‍ය තීරණ ගැනීමටත් සුදුසු පුද්ගලයකු මහ බැංකු අධිපති ධූරයට පත් කරන ලෙසත් රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය දැනට චෝදනා පවතින හා පරීක්ෂණ සිදු වෙන පුද්ගලයකු පත් නොකරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

"මහා බැංකු අධිපති ආයෙත් එපා"

වසන්ජය Monday, 30 May 2016 08:30 PM

ඇරත් ඔහු ඉන්දියානුවෙක් බව කියවෙනවා ලංකාවේ උගත් සුදුසෙකුට නොදී ඔහුට එම තනතුර දීපු එක වැරදි .නැවත එපා (රේ)

:       0       0

වීර Monday, 30 May 2016 08:43 PM

බීරි අලියන්ට වීනා ගහල පලක් තියෙනවද?(රේ)

:       0       0

සිරි Monday, 30 May 2016 09:32 PM

යෝජනාව ඉතාමත් කාලෝචිතයි. නමුත් ක්‍රියාව නම්...? (නි)

:       0       0

වින්සන්ට් Monday, 30 May 2016 09:53 PM

රාජපක්ෂ පාලනයට යහපාලනය බොහෝදුරට සමාන කිරීමට වර්තමාන මහබැංකු අධිපතිවරයාට හැකි විය. මහබැංකු අධිපතිවරයාට වගේම අධිචෝදනා, නොයෙකුත් චෝදනා සහ විවේචන ඇති, ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වන තව බොහෝදෙනා ගැන ගරු මන්ත්‍රීතුමාට නොපෙනීම පුදුමසහගතය. (නි)

:       0       0

අතුල Monday, 30 May 2016 10:53 PM

එතකොට දැන් කාවද සුදුසු? (නි)

:       0       0

ජනහිත Tuesday, 31 May 2016 12:00 AM

එයාට චෝදනා තියන එක වගේම එයා මේ රටේ වැසියෙක්ද? අපේ රටේ ගතික වස්තු රටට ගෙන්න ගන්න බලන්න .(රේ)

:       0       0

සමන්ති Tuesday, 31 May 2016 12:45 AM

අර හිටපු කෙනා පත් කරමුද ? නැත්නම් 2500 යෙන් ජීවත්විය හැකි අපේ ටියුෂන් මාස්ටර් පත් කරමුද?(රේ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 01:34 AM

ජනාධිපතිතුමා කලකට පෙට ජාතිය අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා එතුමා අගමැතිවරයාට උපදෙස් දුන්න බව මොහුව ඉවත් කරන්න කියල. ඔන්න අවස්තාව ඇවිල්ල. අපි බලා ඉන්නවා. වින්සන්ට් කියනවා වගේ තව පිරිසක් ඉන්න බව මේ මන්ත්‍රී වරයාට පෙනිලා නෑ, ඒ අය තමන්ගේ මිනිස්සු නිසා වෙන්න ඇති.(රේ)

:       0       0

ප්‍රියා Tuesday, 31 May 2016 02:43 AM

මෙයා විතරක් ඇයි? අර පහුගිය කාලේ චෝදනා ලබපු අනෙක් අය ගැනත් නිහඬ ඇයි? ඔය කාරණාව ජවිපෙන් මුලින් මතුකළා. ඔයාලගේ අරමුණ පිරිසිදු නැහැ. (නි)

:       0       0

රකිත් Tuesday, 31 May 2016 02:43 AM

දැන් ජනතා බලවේගයකට කාලය හරි. රටේ සිටින උගතුන් එක්වී නව පක්ෂයක් පිහිටවිය යුතුයි. අද අපි කරමින් සිටින්නේ මිලියන 20 ක ජනතාවක් 225 කගේ සුඛවිහරණය වෙනුවෙන් කැපවීමකි. මන්ත්‍රී පර්මිට් අහෝසි කිරීම, පාර්ලිමේන්තුව 100 ට අඩු කිරීම, වසර 5 ක් සේවයකොට ජීවිත කාලයම මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීම නැවතීම, හැකිතාක් පරිපාලනමය කටයුතු පරිගණකගත කිරීම, අනවශ්‍ය විදේශ ගමන් නවතාලීම,මන්ත්‍රීවරුනට ලැබෙන අනවශ්‍ය දීමනා කපාහැරීම සිදුකළ හැක්කේ මෙවැනි ජනතා බලවේගයකින් මතුවන නව පක්ෂයකින් පමණි. (නි)

:       0       0

දීපිකා Tuesday, 31 May 2016 05:05 AM

විමල් වීරවංස පසුගිය කාලයේ කැබිනට් එකේ සිටිමින්ම කොච්චර උද්ගෝෂණ කලද පි.බි. ජයසුන්දර ඉවත්කරන්න කියා.ඔහුව ආර්ථික ඝාතකයෙක් කියා. කැබිනෙට් ඇමතිකෙනෙක් වෙලත් විමල්ගේ ඉල්ලීම හිටපු ජනාධිපතිතුමා සත පහකට ගණන්ගත්තෙ නැහැ.එහෙම එකේ මේ ඉල්ලීම හරියවිද(කෞ)

:       0       0

රොහාන් Monday, 30 May 2016 04:18 PM

දිනේෂ් මහත්තයෝ ඉස්සර මහින්දගේ කාලේ හිටපු කෙනා කොහොමද ? එදා ඔය සද්ද කෝ .මොනවා වුනත් විමල් එදා කෙලින් හිටියා (බ)

:       0       0

සමන් Monday, 30 May 2016 04:50 PM

චෝදනා තියෙන නිසා නැවත පත් නොකරන එක හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site