IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ දවල් ගෙයක් කොල්ල කන්න හදලා - දබරයෙන් 4කට තුවාල

සුමතිපාල දීයගහගේ  
 
ඉමදූව  දික්කුඹුර ප්‍රදේශයේ නිවසක් කොල්ලාකෑමට අද ( 3) දවල්  පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ  නිවැසියන් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ කොල්ලාකරුවෙකු සහ එම නිවසේ පදිංචිකරු , ඔහුගේ පුතෙකු සහ දුවෙකු  කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතැයි  ඉමදුව පොලිසිය පවසයි.

 
මුහුණු ආවරණයකර ගෙන නිවසට ඇතුලුවූ කොල්ලාකරුවන් දෙදෙනා පිහියක් පෙන්නා නිවස කොල්ලාකෑමට උත්සාහ කරන විට  නිවැසියන් සහ කොල්ලාකරුවන් අතර පොර බැදීමක් සිදුවී ඇත.
 
එම අවස්ථාවේ කොල්ලාකරුවන්   පහරදීමෙන්  නිවසේ අයිතිකරුත් ඔහුගේ පුතෙකු සහ දුවකුත් කැපුම් තුවාල ලබා ඇත. මේ අතර නිවැසියන්  සහ අසල්වාසින් එක්ව පහරදිමෙන් තුවාල ලැබූ කොල්ලාකරුවෙකුද රෝහලට ඇතුලුකර ඇත.
 
නිවසේ ගැටුම සිදුවන අවස්ථාවේ අනිත් කොල්ලාකරුවා පලා ගොස් ඇති බවද පොලිසිය පැවසිය.



අදහස් (0)

මහ දවල් ගෙයක් කොල්ල කන්න හදලා - දබරයෙන් 4කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site