IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මහවැලි ගඟ දෙපස වැලි ගොඩ දැමීම නතර කිරීමට පියවර ගන්නවා‘


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
මාතලේ  විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ දෙපස සිදු වෙමින් පවතින වැලි ජාවාරම පිළිබඳව වසර තුනක් තිස්සේ කතා කළද ඒ පිළිබඳ වගකිව යුත්තන් කටයුතු නොකිරීමේ ප්‍රතිවිපක දැන් අත්දැකිමට සිදු වී තිබෙනවා ඒ නිසා දැන්වත් මේ පිළිබද තිරණයක් ගතයුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි (එජප) රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

වැලි ගොඩදැමීම හේතුවෙන් විල්ගමුව නිපොන් පාලම  විනාශවීමේ අවධානම් තත්වය පිළිබඳ  මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරිය මෙ අදහස් පළ කළාය.

 මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාගේ සම සභාපතිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි.  
 

වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරිය

විල්ගමුවේ සියළු ග්‍රාමනිළධාරී මහතාගේ සිට සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නම් වලට වැලි ගොඩ දැමිමේ බලපත්‍ර තියනවා. ඒ වගේම අනෙක් බලපත්‍ර ටික පිට පළාත්වල අයටයි තියෙන්නේ . මොවුන් ඉවක් බවක් නැතිව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමිමෙන් සිදුවන හානිය පළිබද කොතෙක් කතා කළත් වැඩක්වුණේ නෑ.දැන් විශාල විනාශයක් අත ළගට ඇවිත් තියනවා මේ හේතුවෙන් ලිංවල වතුර මට්ටත් අඩුවෙළා. ඉදිරියේදී බලපත්‍ර ලබාදිමේදී සංවර්ධන කමිටුවේ අනුමැතියට යටත්ව කටයුතු කළ යුතුයි.‘

විල්ගමුව මහවැලි ගගේ මීටර් 500කින් එහා වැලි සංචිත අවසන් වී තිබෙන්නේ වැලි ගොඩ දැමිමේ බලපත්‍ර 220ක් ලබා දී තිබුණා. ක්‍රමයෙන් බලපත් ලබාදීම අඩුකර එය 102දක්වා අඩුකර තිබෙනවා. මාධ්‍ය තුළින් මෙහි නිපොන් පාලම අවට තත්වය පිළිබද කරණ ලද අනාවරණයෙන් පසු සිදු කරණ ලද ක්ෂේත්‍ර පරික්ෂණයෙන් අනතුරුව පාලමේ සිට මිටර් 500ක් දක්වා වැලි ගොඩ දැමීම තහනම් කර ඇති බව  පතල් හා භුවිද්‍ය දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර සහකාර විල්ගමුව උපකාර්යාල ස්ථානභාර නිළධාරි බුද්ධික විකුමරත්න මහතා ද අදහස් දක්වමින් පැවසුවේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේග, පළාත් සභා මන්ත්‍රිවරුන්වන එම් ඩබ්ලිව් යසමාන හා මොහෝමඩ් ඉබ්‍රහිම් යන මහතවරු හා මාතලේ මහදිසාපති  ඩි පි ජි කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගී වුහ.



අදහස් (0)

‘මහවැලි ගඟ දෙපස වැලි ගොඩ දැමීම නතර කිරීමට පියවර ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site