IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහවැලි ගඟට කරදිය මුසුවීමේ අවදානමක්

(අමදෝරු අමරජීව)

වියළි කාලගුණ තත්වයත් සමඟ වෙරුගල් හරහා ත්‍රිකුණාමලය මුහුදට ගලා බසිනා මහවැලි ගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමඟ, මුහුදු ජලය ගඟ දිගේ කිලෝමීටරයක් පමණ රට තුළට ගලාවිත් එම ජලයට මුසු වීමේ අවදානමක් පවතින බවද මේ වනවිටත් පානීය ජලයෙහි යම් ලවණ ස්වභාවයක් පෙන්නුම් කරන බවද ප්‍රදේශවාසීහු පවසති.

මුහුදු ජලය යම් හෙයකින් මහවැලි ගඟට මුසු වුවහොත්  වෙරුගල් , ඊච්චලන්පත්තු  හා සේරුනුවර  ප්‍රදේශවට පානීය ජලය බෙදා හැරීමේ ගැටලුවක් මතුවිය හැකි බව  ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය කියයි.

මහවැලි ගගේ වැලි ගොඩ දැමීම සඳහා සීමාවකින් තොරව බලපත්‍ර නිකුත් කිරීම නිසා ගඟ හෑරී ඇති බවත්, නියං කාලවලදී ජල මට්ටම අඩු වීමත් සමඟ මුහුදු ජලය ගඟ දිගේ රට තුළට ගලා යාම වැඩි වී ඇති බවත් ජනතාව පවසති. 

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන්  ජාතික ජල  සම්පාදන හා ජලාප්‍රවාහන  මණ්ඩලයේ  සේරුනුවර  වැඩ භාර  නිලධාරී  කාවින්ද අසංග සම්පත් මහතා මෙසේ පවසයි.

“මෙතෙක් මුහුදු ජලය මහවැලි ගඟට මුසුවී නැහැ. එහෙම වුණොත් ගැටලුවක් මතු වෙනවා. අපි අවධානයෙන් සිටිනවා” යැයි ද කීය.

කෙසේ වෙතත් මුහුදු ජලය හා ඊච්චලන්පත්තු ජල පොම්පාගාරය අතර කිලෝමීටර් දෙකක් ආසන්නයට පැමිණ ඇතැයිද ඔවුහු පවසති.



අදහස් (0)

මහවැලි ගඟට කරදිය මුසුවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site