IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහනුවර ඉපැරණි වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කෙරේ

(ඩයනා උදයංගනී)

මහනුවර නගරයේ ගංවතුර පාලනය සඳහා පෙර රජවරුන් විසින් තැනූ භූගත වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වසර 200කටත් වඩා ඉපැරණි මෙම උමග මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතී.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව එම අමාත්‍යාංශයේ  උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතීය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසරේ අප්‍රේල් වන විට අවසන් වීමට නියමිතය.

මහනුවර වැසි ජලය පාලනය සඳහා මෙම උමග ප්‍රතිසංස්කරණයෙන් මනා රුකුලක් ලැබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ප්‍රතිසංස්කරණය කරන උමග නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතාද එක්විය.

 



අදහස් (0)

මහනුවර ඉපැරණි වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site