සුමතිපාල දීයගහගේ
බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී හදිසියේ අසනිප වීමෙන් පසු මුහුද මැද දී මිය ගිය ධීවරයකුගේ මළසිරුර අද උදේ (29) ගාලු වරාය වෙත රැගෙන පැමිණ ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්ගම දේවෙනිගොඩ පදිංචිකරුවෙකු වූ අගම්පොඩි මහින්දරත්න (62) නැමැති අයෙකි.
ධිවරයින් පස් දෙනෙකු රැගත් ධනුෂ්ක 8 නැමැති බහුදින යාත්‍රාව පසුගිය 21 වැනි දා මසුන් ඇල්ලීමට ගාලු වරායෙන් පිටත්ව ගොස් ඇත. එහිදි 27 වැනි දා හදිසියේ අසනිපවූ මෙම ධීවරයා මුහුදට වැටීමෙන් පසු අනිත් ධීවරයින් විසින් මොහු යාත්‍රාවට ගෙන ගොඩබිම වෙත රැගෙන එමින් සිටින විට අතරමඟදී මිය ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
හදිසි හෘදයාබාධයකින් මෙම ධීවරයා මිය යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. මේවන විට ගාලු වරායේ ඇති මිය ගිය ධීවරයාගේ මළසිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යෑමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
මියගිය ධීවරයාගේ මරණ පරික්ෂණය අද (29) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd