(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
හබරාදුව තල්පේ මුහුදේ නාමින් සිටියදි දියේ ගිලුණු තරුණයින් සිව් දෙනෙකු අද (19) කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි 21,23,24 හැවිරිදි වයස්වල පසුවන තරුණයන් සිව් දෙනෙකි.
මොවුන් තවත් පිරිසක් සමග නාමින් සිටියදි දියේ ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසින් විසින් ඔවුන් බේරාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහලට යවා ඇත.
රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd