IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මහඔය නීතිවිරෝධී වැලි ජාවාරම් ගැන චෝදනාවක්

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීතිවිරෝධීව වැලි ජාවාරම සිදුවෙන බව මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන මහතා පැවසීය.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් තම දේශපාලන හිතවතුන්ගේ මාර්ගයෙන් මහඔය ටැම්පිටිය ආශ්‍රිතව ඇති මහඔයෙන් වැලි ගොඩ දමන අතර එය නීතිවිරෝධිව සිදුවන බව පැවසේ.

ස්ථාන කිහිපයකට බලපත්‍ර රැගෙන ඇතත් අධික ලෙස වැලි තිබෙන ස්ථානවලට රාත්‍රි කාලයේ බැකෝ යන්ත්‍ර යොදා වැලි ගොඩ දාන අතර නීතිය පිළිබඳ කටයුතු කරන පුද්ගලයින් මෙම වැලි ජාවාරම නොදැක්කා සේ සිටින බවද සභාපතිවරයා කීය.

වැලි ගොඩ දැමිමේ දි යන්ත්‍ර සුත්‍ර ගඟට දැමිමට නිතියෙන් තහනම් වුවත් මෙම වැලි ජාවාරම්කරුවන් විසින් එම නීති ගණන් නොගෙන යන්ත්‍ර සුත්‍ර ගඟට දමා මෙම වැලි ජාවාරම සිදුකරන අතර දිනකට වැලි ලොරි 700 ක් පමණ මහඔයෙන් පිට ප්‍රදේශවලට යන බවද සභාපතිවරයා පැවසීය.

මෙයින් විශාල වැලි ලොරි ප්‍රමාණයක් නීත්‍යානූකුල නොවන බවද සඳහන් කළේය.

මෙම වැලි ජාවාරම්කරුවන් විසින් මහඔය ගඟ අවට ඇති පුරාවිද්‍යා ස්ථාන ද විනාශ කර නිධන් සෙවිමට ද කටයුතු කර ඇති බව මෙම ප්‍රදේශයේ කරන ලද සංචාරයේ දී දැක ගැනීමට හැකිවිය.

නීතිය රකින්නට සිටින පිරිස් මෙම වැලි ජවාරම්කරුවන්ගේ අතකොලු බවට පත්ව ඇති හෙයින් මෙම තත්වය උදාවි ඇති බවද ගම්වැසියෝ කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහඔය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන මහතා මෙසේ කීය.

මහඔය ගඟෙන් මහා පරිමාණ වශයෙන් වැලි ගොඩදැමීම සිදුකරනවා. එක ස්ථානයට බලපත්‍ර අරගෙන බලපත්‍ර නැති ස්ථාන වලින් රාත්‍රි කාලයේ බැකෝ යන්ත්‍ර දමා වැලි ගොඩ දානවා. නමුත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් හරියට රාජකාරි කරන්නේ නැහැ. එක් අවස්ථාවක අම්පාර පොලිසියෙන් ඇවිත් වැටලීම් කරා යන්ත්‍ර අත්අඩංගුවට ගත්තා නමුත් දැන් ඉස්සරට වැඩිය මේ අපරාධය වෙනවා.අහිංසක මිනිහෙක් වැලි එකක් අරන් ගියොත් හරියට රාජකාරි කරන පොලිසිය මේ ජාවරාමට හරියට නීතිය  ක්‍රියාත්මක කරන්නේ නැහැ.



අදහස් (0)

මහඔය නීතිවිරෝධී වැලි ජාවාරම් ගැන චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 360 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site