IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මස් කරන්න සිටි කැස්බෑවන් 5 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)          

මස් පිණිස යාපනය ප්‍රදේශයේ හෝටල් සඳහා අලෙවි කිරීමට සූදානම් කර සිටි කැස්බෑවුන් පස්දෙනකු සමඟ ජාවාරම්කරුවකු යාපනය, කොළොම්බුතුරෙයි හි නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශාල කැස්බෑවුන් දෙදෙනකු හා කුඩා කැස්බෑවුන් තිදෙනකු මස් පිණිස අලෙවි කිරීම සඳහා ගැණුම්කරුවකුට ලබාදීමට සූදානම්ව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.          

අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට ධීවර දැල්වලට හසුවන කැස්බෑවන් රැගෙනවිත් ප්‍රදේශයේ හෝටල් සඳහා මස් පිණිස ලබාදීම සිදුකරන බවට තොරතුරු අනාවරණය වූ බවද සඳහන් කළේය.          

සොයාගත් කැස්බෑවුන් පස්දෙනා ජාවාරම්කරු මරා දැමීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවද පැවසීය.

සැකකරු යාපනය කොළොම්බුතුරෙයි හි පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වේ. සොයාගත් කැස්බෑවන් හා ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මස් කරන්න සිටි කැස්බෑවන් 5 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site