(කේෂර ගුණතිලක)
බිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ තිබී පතොරොම් තුවක්කුවක් සහ එස්එෆ්ජී වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි මැදගම පොලිසිය කියයි.
එම ගම්මානයේ හිස් ඉඩමක ගල්ගුහාවක සඟවා තිබී මෙම අත්බෝම්බ සහ තුවක්කු සොයාගෙන ඇත.
මෙම ගම්මානයේ ගුහාවක සගවා මෙම අවි සහ බෝම්බ ඇති බවට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
සැකකරුවන් බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදගම පොලීසිය කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd