පුත්තලම - ජුඩ් සමන්ත.
කලාඔයේ මසුන් මැරීමට ගිය හිටපු යුද හමුදා සෙබළෙක් දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව සාලියවැව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ සාලියැවව - නීලබැම්ම පදිංචිව සිටි ලියනාරච්චිලාගේ ගාමිණී ජයරත්න (අවු:43) නම් අයෙකි.
මිය ගොස් ඇති අය අවසන් වරට කුරුණෑගල - මල්කඩුවාව පිහිටි යුද හමුදා කඳවුරේ සේවය කර ඇති අයෙකි.පසුව ඔහු වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් ඉවත් වී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසුව කලාඔයේ මසුන් මැරීම ජීවන වෘත්තිය ලෙස ඔහු සිදු කර ඇති බව කියති.
06 වැනිදා දහවල් ඔහු මසුන් මැරීම සදහා ගොස් ඇති නමුත් එදින සවස් වන තුරු ඔහු ආපසු නිවසට පැමිණ නැත.ඔහුගේ පිරිද විසින් මේ බව සාලියවැව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.
07 වැනිදා පෙරවරුවේ අතුරුදහන්වී සිටි අයගේ සිරුර කලාඔයේ තිබී ගම්වාසීන් විසින් සොයා ගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසුන් මැරීමට ගිය හිටපු හමුදා සෙබළා කලා ඔයට වැටී මරුට