IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය ඇනහිටී

(රංජිත් රාජපක්ෂ)   
                     
මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (12) අහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක පමණ කාලයක් ඇන හිට තිබූ බව  නල්ලතන්නිය පොලිසිය පැවසීය.
 
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිණි ඇල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ස්ථානය අසළ පස් කන්දක් මෙසේ කඩා වැටී ඇත.
 
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට අද උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැළී සිටි නිලධාරීන් විසින් එම පස් ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතීරුවකට සිමා කළ බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.
 
තවදුරටත් එම ස්ථානයේ පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස නල්ලතන්නිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.

 



අදහස් (0)

මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය ඇනහිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site