(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් සහ මරේ දිය ඇලි දෙක අතර පිහිටි පික්ෆිල්ඩ් වතු යායට අයත් රක්ෂිතයේ අද(03) හටගත් ගින්න මේ වන විට තරමක් පාලනය කර ඇති බව වතු අධිකාරි සුජීව මැදවත්ත මහතා පැවසීය.
ගින්න කඳුමුදුන දක්වා පැතිර ගිය බවත්, වතු කම්කරුවන් සහ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව මේ වන විට තරමක් පාලනය කර ඇති බව වතු අධිකාරිවරයා කියා සිටියේය.
ශ්‍රී පාද රක්ෂිතයේ සිට ගාඩ්මොර් දියඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය ගින්න පැතිර යමින් පවතින ස්ථානයට ඉහළින් පිහිටා ඇති බවත්, පැතිර යන ගින්න ඇළ මාර්ගය අසළින් නතරව ඇති බවත් වතු අධිකාරිවරයා පැවසිය.
ගින්නෙන් අක්කර 5 පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවද වතු අධිකාරිවරයා පැවසීය.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි තියපු අපරාධකාරයෝ ටික අල්ලන්න