(රංජිත් රාජපක්ෂ)
නිවසින් පිටව ගිය තිදරු පියකුගේ සිරුර මස්කෙළිය ඔයේ තිබි අද (27) සොයා ගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.
මෙසේ සොයා ගනු ලැබුවේ මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය බ්‍රවුන්වික් වතුයායට අයත් කුයින්සි ලැන්ඩ් කොටසේ පදිංචි වේලායුදම් සුරියකුමාර් (41) හැවිරිදි පුද්ගලයෙකි.
නිවසින් පිටව ගිය තම සැමියා ආපසු නොපැමිණි බව මරණකරුගේ ඥාතීන් වෙත දැන්වීමෙන් පසු ඥාතින් විසින් අතුරුදන්ව සිටි තිදරු පියා සොයා සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සිරුර මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔයේ මොටිගම් වත්ත ප්‍රදේශයේ දී පාවෙමින් තිබියදී සිරුර සොයාගෙන තිබේ.
සැකකරුගේ මරුණ සියදිවි හානි කර ගැනීමක් ද නැතහොත් දිය නෑමට ගොස් දියේ ගිලි සිදු වු මරණයක් ද යන්න පිළිබඳ මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd