(විජේරත්න රත්නායක )
සිය මවට හා සොහොයුරියට අමානුෂික ලෙස පහර දී මවගේ ගෙල සපාකා තුවාල සිදුකළ තරුණයෙක් අද (08) හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල අලුත්වෙල පදිංචි ජේ සී බී යන්ත්‍ර ක්‍රියාකරුවෙක් වන 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ පහරදීමට ලක්වූ ඔහුගේ මව පවසන්නේ කළකට පෙර මත්පැන් පානයට හුරු වූ පුත්‍රයා මේ වන විට ගංජා හා මත්පෙති භාවිතා කරන බවයි.
ජේ සී බී යන්ත්‍ර ක්‍රියාකරුවෙක් ලෙස ඉහළ වැටුපක් ලබන ඔහු සෑම දිනම සවස මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර නිවසට පැමිණ මෙසේ තමාටත් ඔහුගේ සොහොයුරියටත් පහර දෙන බව ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යක්කු හිටියා කියලා ඉතිහාසයේ ලියවිලා තිබුනා මතකයි ..
දරුවන් කුඩාකාලයේම යහමගට ගැනීම දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. එය ඉටුවීම නිසිලෙස නොවුනාම මෙවැනි නරුමයන් ඇතිවෙනවා. මෙවැනි අයට දීර්ගකාලීනව ආගම දහමට යොමුවන ලෙසට යම් දඬුවමක් දුන්නොත් මිස පවතින ගති වෙනස්කරන්න බැරිවේවි