(රංජිත් රාජපක්ෂ)
දීපාවලී උත්සවය වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පිපිරී සිව්දරු පියෙකු මියගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය පැවසීය.
මිය ගොස් ඇත්තේ මස්කෙළිය සාමිමලේ ස්තැස්පි වතුයායේ පදිංචි මුත්තුසාමි ගිරිබාකරන් නමැති 40 හැවිරිදි සිව්දරු පියෙකි.
දීපාවලී උත්සව දිනයේ මස්කෙළිය ගවරවිල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පත්තුකිරීමට ගිය අවස්ථාවේදී එය මුහුණේ වැදී පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ එම තැනැත්තා මස්කෙළිය රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් ඇති බව පොලිසිය කීවේය.
ඔහු එම සංගීත දර්ශනයේ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.
සිව්දරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd