(ඩී.ජී.සුගතපාල)
මහජන ආධාර ලබා ගැනීම සඳහා බූස්ස තැපැල් කාර්යාලය වෙත යමින් සිටි කාන්තාවක අද (12) පෙරවරුවේ ලොරියක හැපී මිය ගිය බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස පදිංචි 79 හැවිරිදි මහලු කාන්තාවකි.
ඇය අද පෙරවරුවේ තමාගේ මහජන ආධාර මුදල ලබා ගැනීමට තැපැල් කාර්යාලය වෙත යමින් සිටියදී බූස්ස හන්දියේ දි ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මාලු ලොරියක හැපී මිය ගිය බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd