(දිලීප් ජයසේකර)
සුරියවැව බැද්දේවැව නුගේකන්ද ප්‍රදේශයේ අද(13) සහෝදරයකු ඔහුගේ වැඩිමහලු සහෝදරයාට වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති බව සුරියවැව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ යාය 02, නුගේකන්ද, බැද්දෙවැව, සුරියවැව පදිංචි 27 හැවිරිදි දෙනගමගේ හසිත ගයාශාන් නැමති එක් දරු පියෙකි.
වෙඩි තබා ඇත්තේ 25 හැවිරිදි ඔහුගේ මලණුවන් බව පොලිසිය කියයි.
මහ ගෙදර ඉඩම සහ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙසේ වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇත.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් තිබේ.
ප්‍රදේශයෙන් පලාගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියාට මේ රජගේ මල්ලි හදාලා රජගේ වත් නැත මේ ලස්සනට තියාලා සින්දුව මතක් වෙනවා