(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් තඩ්ඩුවාන් රක්ෂිත කැලෑවක හටගත් ලැව් ගින්නක් 64 වැනි සේනාංකයට අයත් 642 වැනි බලසේනාවේ සෙබළුන් මහත් පරිශ්‍රමයක් යොදා සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත්වී තිබේ.
තඩ්ඩුවාන රක්ෂිතයේ ඇති වූ ලැව් ගින්න පිළිබඳව සාමාන්‍ය වැසියකු යුද හමුදාවට කළ දැනුම් දීමෙන් පසුව මුලතිව් ආරක්ෂ සේනා මූලස්ථානයෙන් පාලනය වන 64 වැනි සේනාංකාධිපති බිග්‍රේඩියර් කේ.ජී.ජයවීර මහතාගේ උපදෙස් පරිදි 642 වැනි බලසේනාවේ 26 වැනි ගජබා රෙජිමේන්තුව හා 14 වැනි ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සෙබළුන් විසින් මෙම ගින්න නිවා දැමීමට පියවර ගන්නා ලදී .
යුද හමුදාවේ ජල බවුසර් යොදා ගනිමින් පැයකට ආසන්න කාලයක් ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර ගින්න ව්‍යාප්ත වූවෙ නම් අසල පිහිටි ගම්මාන වෙතටද ගින්න පැතිරීමෙන් විනාශයක් වීමට ඉඩ තිබූ බැවින් සාමාන්‍ය වැසියන් මෙසේ අවධානයෙන් සිටි ලැව් ගිනි ඇති වන්නේනම් ඉතා ඉක්මණින් ළඟම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දෙන ලෙසටද යුද හමුදාව සාමාන්‍ය වැසියන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ආණ්ඩුවේ රක්ෂිතයක්. ඕක ලැවු ගින්නක් නොවෙයි. සැලසුම් සහගත දෙයක්. දැන් කැලේ විනාශ වුන නිසා රක්ෂිතයක් නොවේ කියලා කට්ටියක් බෙදාගන්න කරන වැඩක්. අපි කැලේ කැපුවේ නෑ. ගින්නෙන් විනාශවූ නිසා ජනතාවට බෙදා දුන්නා කියන්න යන්නේ.