රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු කෝම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී මහළු කාන්තාවගේ මළ සිරුරක් සොයා ගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ වයස අවුරුදු 78 ක් සුබ්‍රමණියම් කාර්තිකේසු නැමති කාන්තාවගේ මළ සිරුරක් වගා ළිඳක තිබී එලෙස සොයා ගත් බවයි.
අදාළ කාන්තාව පසුගිය 8 වැනි දා සිට සිය නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බවට මියගිය කාන්තාවගේ පුතා විසින් පොලිසිය වෙත දන්වා තිබේ.
වගා ළිඳකින් සිය වගාවට ජලය ලබා ගැනීමට ගිය පුද්ගලයකු ළිඳ තුළ මළ සිරුරක් පවතින බවට පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව අදාළ මළ සිරුර සොයා ගැනීමට හැකිවු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd