අනීෂා මානගේ
බෙලිඅත්ත වීරකැටිය මාර්ගයේ මුල්කිරිගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අද (21) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය වීරකැටිය නගරයේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ කාණුවකට වැටී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රානි මල්ලිකා (63) නැමැති කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd