(පාලිත ආරියවංශ)
මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න ඇමැති මණ්ඩලය බලාපොරොත්තු වනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇටම්පිටියේදී අද (17) සඳහන් කළේය.
හාලිඇල ඇටම්පිටියේ ඉදිකළ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය,
‘‘අවුරුදු පහක් අපි ආණ්ඩුව යටතේ සිටියා. අපි හිටියේ විපක්ෂයේ. ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ල ගිහින් තියෙන්නේ ලෝකයාටත් රටටත් මහා විශාල ණය බරක් ඉතුරුකරලා.
අපි ණය ගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ තිබුණා.වාරයා හැදුවා, ගුවන් තොටුපල හැදුවා, අධිවේගී මර්ග හැදුවා අපිට කියන්න හැකියාව තිබුණා නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම මෙන්න මේ වැඩේ කළා කියලා කියන්න ඔවුන්ට පුලුවන් කමක් නැහැ. මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ.
ඒ තත්වයේ වෙනස් වීමක් ඇතිවෙලා අපි නැවත ආණ්ඩුවක් පිහිටවූවා.අපිට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා. මම අගමැති උණා. නමුත් අපිට පාර්ලිමේන්තුවේ ඉන්නේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක්. තිබෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක්. පසුගිය රජය කාලේ අපට ඉතුරුකළ මහා ණය මුදල බේරන්න අපි හෙට පනතක් ගේනවා. විපක්ෂයට අවශ්‍ය නම් ඒක පරද්දන්න පුලුවන්.මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි.
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවනවා. මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගෙන රට ඉදිරියට ගෙනයන්න වැඩ කරන ආණ්ඩුවක් අපි පිහිටුවනවා.
අලුත් ආණ්ඩුව වැඩ නොකර කයිවාරු ගහන ආණ්ඩුවක් හෝ පළිගන්නා ආණ්ඩුවක් නොවේ. මාගේ සිට මාගේ පවුල්වල අයගෙන් මැති ඇමතිවරුන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් පළිගැනීම දිගටම කරගෙන ගියා .ගම්වල අය ගෙනුත් පළිගත්තා.
අපි දන්නවා මහ බැංකු මංකොල්ලයක් කළා. එය ඉතිහාසයේ සිදුවූ විශාල අපරාධයක්.ඒ පිළිබඳ ඊයේ හාමුදුරුවරු මගෙන් ඇහුවා.මේකට මොකද වෙන්නේ කියල .ඒක නීතිපතිවරයාට යවල තියෙනවා අවශ්‍ය නීතිමය පියවරගන්න .ඒ ගැනත් සොයාබලා කටයුතු කරනවා යැයිද අගමැතිවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනපතිට උපදෙස් දෙනවා‘‘
Pradeep Monday, 17 February 2020 04:15 PM
අගමැතිතුමනි, කරුණාකර ජනාධිපති තුමාට උපදෙස් නොදී එතුමාගේ උපදෙස් අනුව වැඩකරන්න කියලා කට්ටියට කියන්න. අසීරුවෙන් උදාකරගත් මේ අවස්ථාව නැතිකරන්න හදන්න එපා. එහෙම උනොත් මෙවැනි අවස්තාවක් නැවත උදා නොවෙන්න පුළුවන්.