(එෆ්.අස්ලම්)
බදුල්ලේ මාර්ග නීති නොපිළිපදිමින් වැරදි සිදුකරන රියදුරන් 53 දෙනෙකු විශේෂ මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ පන්තියකට යොමු කිරීමට බදුල්ල පොලිසිය පියවර ගෙන තිබේ.
බරපතල වැරදි හැර සුළු වැරදි සිදුකරන රියදුරන් මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකට යොමුකිරීමේ රජයේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව බදුල්ල නගර සීමාව ඇතුළු ආසන්න ප්‍රදේශවල මාර්ග නීති කැඩූ විවිධ තරාතිරම්වලට අයත් රියදුරන් 53 දෙනෙකු මෙම පන්තිය සදහා කැදවූ බව බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායක මහතා පැවසීය.
බීමත්ව රිය පැදවීම්,වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම්,ඇතුළු බරපතල මාර්ග නීති කැඩීම් හැර සුළු වැරදි සිදුකරන රියදුරන්ට මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ රිය අනතුරු වළක්වාගැනීම පිළිබද දැනුම්වත් කිරීමේ විශේෂ පන්තියකට යොමුකළ බවද ඒ මහතා සදහන් කළේය.
ඉර කපා ඉස්සර කිරීම්,අනෙකුත් රියදුරන්ට සහ මහජනතාවට පීඩා ගෙන ආකාරයේ නලා සවි කිරිම්,වාහන වලට අමතර කොටස් බාහිරෙන් සවි කිරිම් වැනි වැරදි වලට සම්බන්ධ රියදුරන් දඩයක් හෝ නඩුවක් නොමැතිව මාර්ග නීති පිළිබඳ දැනුම්වත් කිරීමේ පන්ති ත්‍රිත්වයක් සඳහා යොමු කරන බවත් එකම රියදුරු තෙවරක්ම වැරදි කරමින් පන්ති ත්‍රිත්වයකට යොමු කළ පසුවත් වැරදි සිදුකරන්නේ නම් එම රියදුරුට එරෙහිව නීතිමය පියවර ගන්නා එවන් රියදුරන් හඳුනාගැනීමේ පහසුවට රතු,කහ,කොළ වර්ණක ස්ටිකර් ත්‍රිත්වයක් ඔවුන්ගේ වාහනවල අල්වන බවත් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද දෙයක්. විය යුතු දෙය මෙය වේ. රිය පැදවීමේ බලපත්‍ර අලුත් කරන විටදීත් වැරදි කළ අයට දිනක දැනුවත් කිරීමේ පන්තියක් පවත්වා නව බලපත්‍රය දෙන්න. එසේම වැරදි නොකරන අයට වසර 5 කින් පසු බලපත්‍රය වෙනත් වර්ණයකින් දෙන්න.