IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාර්ගයක් පිළිසකර කරදෙන්නැයි ඉල්ලා විරෝධතාවක්

(ක.ග.කරුණාරත්න)
 
මාර්ගයක් අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා ගම්වාසීහු පිරිසක් අද(8) පොළොන්නරුව - බකමුණමාර්ගයේ අත්තනකඩවල ප‍්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
 
අත්තනකඩවල, බිංගේමුදුන සිට ජයසිරිපුර, සරුබිම දක්වා කිලෝමීටර් හයක පමණ වන මාර්ගය දීර්ඝ කාලයක සිට අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් අබලන්ව ඇතැයිද, එය නොපමාව පිළිසකර කර දෙන්නැයිද ඔවුහු ඉල්ලා සිටියහ.
 
ජයසිරිපුර, ඉකිරිවැව, අක්කර200, සරුබිම, පොකුණුගල, බිංගේමුදුන ආදී ගම්මාන කිහිපයකට අයත් 500කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක කෙරෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන තුළින් හෝ මෙම ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද ඔවුහු කීහ.
 
මෙම විරෝධතාව පැය 2 කට ආසන්න කාලයක් පැවැත්විණි.

 



අදහස් (0)

මාර්ගයක් පිළිසකර කරදෙන්නැයි ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site