(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

මාර්ගයක් අසළ අක්‍රමවත් ලෙස කසළ බැහැර කළ පුද්ගලයකුට  රුපියල්  4,500ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය.

බලන්ගොඩ  නගර සභා සීමාවේ පදිංචි පුද්ගලයකුට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.

බලන්ගොඩ දිස්ත්‍රික් පරිසර පොලිසිය මොහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.