IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මියගිය බිළිඳාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණවලට

(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)

නිදියහනේදී  මියගිය දින 24ක් වියැති බිළිඳෙකුගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන් කරුණාතිලක මහතා විසින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් බිළිඳාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කොට දේහය නිදහස් කිරිමට තීන්දු කළේය.

මෙසේ මියගොස් තිබුණේ ගාල්ල ඇත්තිලගොඩ  ගල්ගස්දුවවත්තේ පදිංචි ඉන්දිකා උදයකුමාරි (32) නැමති මවගේ දරුවාය. හදිසි මරණ පරීක්ෂණය අද (30) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනු ලැබීය. එහිදි සාක්ෂි දෙමින් මියගිය බිළිඳාගේ මව වන ඉන්දිකා උදයකුමාරි නැමැත්තිය මෙසේ කිවාය.

‘‘මියගිය පුතා මෙම මස 06 වැනිදා මහමෝදර රෝහලේදී උපත ලැබුවා. දරුවා ඉපදෙනවිට බර කිලෝග්‍රැම් 02කයි ග්‍රැම් 50යි. දරුවාට අසනිපයක් තිබුණේ නැහැ. ටිකට් කපාගෙන ගෙදර ආවා. දරුවාට කිරිදුන්නා. ඊයේ (29) රාත්‍රි අපි ආහාරගෙන නිදාගත්තා. දරුවා ඇඳේ මාළග හිටියා. දරුවාට රාත්‍රියේ දි මා නැගිට කිරි දුන්නා. කොට්ටයක් තබා දරුවා පැත්තට හරවා තබා නැවත මා නිදා ගත්තා. පසුව පාන්දර නැගිට දරුවා අවදිකරන්න හැදුවා. කකුල් අත ගැවා දරුවා නැගිට්ටේ නැහැ. දරුවා ගැන වෙනසක් දැනුනා මා ස්වාමියාට කථා කළා. පසුව දරුවා රෝහලට රැගෙන අවා. හදිසි ප්‍රථිකාර ඒකකයේදී දරුවාට වෛද්‍යවරු ප්‍රථිකාර කළා. පසුව  දරුවා මියගොස් ඇති බැව් දැනුම් දුන්නා...‘‘ යැයි පැවසුවාය.

පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පි.පි මහානාම මහතා විසින් කරණු ලැබීය.



අදහස් (0)

මියගිය බිළිඳාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site