එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී මොනා ඒ රිෂ්මාවි මහත්මිය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මහත්මිය අතර හමුවක් අද(12) පැවැත්විණි.
අමාත්‍යංශයේදී මෙම හමුව පැවැති අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබදව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර අගය කරන බව එහිදී නීති අංශයේ ප්‍රධානිවරිය සඳහන් කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ සහාය ඉදිරියටත් ලබා දෙන බවද සඳහන් කළාය.
(36698)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.