(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල බෝලන් කන්දේ පැරණි මිනිරන් පතලක් යළි ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයේ පවතියිද යන්න සොයා බැලීමේ පරීක්ෂාවක් සඳහා එළි පෙහෙලි කරන අවස්ථාවේ දෝනාවක තිබී අද (3) ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
පෞද්ගලික ආයතනයක් මෙම ස්ථානයේ මිනිරන් ඇත්දැයි සොයා බැලීම සඳහා කෑණිම් කටයුතු ආරම්භ කර ඇතැයිද එසේ කැණිම් සිදුකරන අතර පැරණි දෝනාවක අඩි දහයක් පමණ දුරින් තිබී මෙම අත් බෝම්බය සේවකයන්ට හමුවී ඇත.
ආයතනයේ කිණිම් කලමනාකරු මේ පිළිබඳව පල්ලෙවෙල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. බෝම්බයේ කොටස් දිරා ගොස් තීබීම හේතුවෙන් එය කුමන වර්ගයේ අත් බෝම්බයක් දැයි අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.
මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේ නිලධාරීන් කැඳවා නිෂ්කි‍්‍රය කිරීමට පොලිසිය කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd