(ඩබ්. ඒ. පියතිලක)
මින්නේරිය ඔයේ අනවසරයෙන් ගොඩ දැමූ වැලි කියුබ් 33ක් සමඟ වැලි ගොඩ දැමීමට භාවිත කළ උපකරණ රැසක් අද(01) ලංකාපුර ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිඟුරක්ගොඩ පොලිසිය එක්ව කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.
කලක පටන් මින්නේරිය ඔය ගලා බසින ගල්අමුණ ප්‍රදේශයේ අනවසරෙන් වැලි ගොඩදමන බවට ලද තොරතුරක් මත හිඟුරක්ගොඩ පොලියේ පොලිස් නිලධාරීන් සහ ලංකාපුර ප්‍රාදේශය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කළ බව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඩබ්. එම්. ඉන්දික කරුණාරත්න මහතා කියයි.
වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇතැයි ද ඒ මහතා කීය.
අත්අඩංගුවට පත් උපකරණ සහ වැලි තොගය අද(01) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd