IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්ත්‍රී ඉලංගනාදන් සෙන්දූරන්ගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගනී

සිතුම් චතුරංග

සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ වලිකාමම්, නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ඉලංගනාදන් සෙන්දූරන් මහතාගේ සිරුර යාපනය, තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය කියයි.

ප්‍රදේශවාසියකු විසින් නාදුනන මළසිරුරක් මුහුදේ පාවෙන බවට කළ දැණුම්දීමකට අනුව වැල්වැටිතුරෙයි පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිරුර අදාල මන්ත්‍රීවරයාගේ බවට හදුනාගත් බව පොලිසිය සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතුරුදන්ව ඇති බවට ඥාතීන් ඉකුත්දා(24) සවස වැල්වැටිතුරෙයි පොලිසිය වෙත පැමිණිලි කොට ඇති අතර පසුව පොලිසිය විසින් කළ පරීක්ෂා කිරීමකදී අතුරුදන්වු මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය, ජංගම දුරකථනය හා ජාතික හැදුනුම්පත තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයි හින්දු සුසාන භූමිය අසළ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණ.

කිසියම් කාරණාවකට කිසිවෙකුටත් නොපවසා මන්ත්‍රීවරයා නිවසින් බැහැරව සිටි බවට අනාවරණයවූ බවද පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ හමුවු මළ සිරුර අතුරුදන්වු පුද්ගලයාගේ බවට ඥාතීන් විසින් හදුනාගෙන ඇති අතර ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත්ය.

මුහුදේ පාවෙමින් තිබූ මන්ත්‍රීවරයාගේ සිරුරේ කිසිදු තුවාලයක් හෝ වෙනත් කිසිදු හානියක් පරීක්ෂා කිරීම් වලදී හමුනොවී ඇති බවත් මෙම මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් වෙනත් කාරනාවක්ද යන්න තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීය.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

වැල්වැටිතුරෙයි පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

මන්ත්‍රී ඉලංගනාදන් සෙන්දූරන්ගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගනී

ravi Sunday, 26 April 2020 07:30 AM

මේ මන්ත්‍රී තුමා ගෙදරටත් නොකියා මේ ගිය රහස් ගමන කුමක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site