IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේ කාර්යයාල සේවකයින් ප්‍රවාහනයට දුම්රිය 8 ක්

(රංජිත් රාජපක්ෂ)

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය (11) දින අලුයම 5 ට ලිහිල් කිරිමෙන් අනතුරුව රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා මධ්‍යම පලාත තුල දුම්රිය 8 ක් ධාවනයට එක්කර ඇති බව මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා මධ්‍යයට කියා සිටියේ මහනුවර දුම්රිය ස්ථානය කෙන්ද්‍ර කරගනිමින් මාතලේ , පොල්ගහවෙල , නාවලපිටිය , යන දුම්රිය ස්ථාන දක්වා දුම්රිය 8 ක් ධාවනයට එක් කල බවයි.

දුම්රියෙන් ගමන් කිරිමට විශේෂ අවසර පත්‍රය ලබාගෙන ඇති පුද්ගලික අංශයේ සහ රාජ්‍යය අංශයේ සේවකයින් පමණක් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවය රදවාගෙන එම සේවකියින් ප්‍රවාහනය කරන බවයි.

එම දුම්රියන් වල කිසිදු වෙනත් මගියෙකු ප්‍රවාහනය නොකරන බවද දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියහ.



අදහස් (0)

මධ්‍යම පළාතේ කාර්යයාල සේවකයින් ප්‍රවාහනයට දුම්රිය 8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site