ඩී.ජී.සුගතපාල
විවාහක තිදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගෙන් වංචනික ලෙස රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන් දහසක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල්වරයකු අද (21) ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ධන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නමැති 34 හැවිරිදි අවිවාහක කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා වඳුරඹ පොලිසියේ සේවය කරන කාලයේ එම ප්‍රදේශයේ විවාහක තිදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එසේ සිටියදී සැකකරු ඇයගෙන් වරින් වර රුපියල් පන් ලක්ෂ හැත්තෑතුන් දහසක් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.