(දයාරත්න ඇඹෝගම)
මුදුනේගම පාසල ආසන්නයේ පිහිටි දිය සිදි ගිය කුඩා වැවක තිබී හමු වූ පීඩන බෝම්බය අද (18) නිෂ්ක්‍රීය කළ බව තඹුත්තේගම පොලිසිය කියයි.
එම වැව ආසන්නයෙන් ගිය පුද්ගලයකු විසින් ඊයේ (17) දින මෙම පීඩන බෝම්බය පිළිබඳව පොලිසිය වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුවම පොලිසිය විසින් එම ස්ථානයට ආරක්ෂාව යොදවා පසුව පිඩන බෝම්බය අධිකරණයෙන් ලබාගත් නියෝගය මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මගින් නිෂ්ක්‍රීය කරන ලදී.
මෙම පීඩන බෝම්බය මෙම ස්ථානයට ගෙන ආ කෙනෙක් පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.
තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd