(ඩී. ජී .සුගතපාල)
බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක තිබී බලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මෝදක ගුලි 1550ක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම ආයුර්වේද බෙහෙත් ශාලාව පරීක්ෂා කිරීමේදී අදාළ මෝදක ගුලි හමුව තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 77 ක් වයසැති දේශීය වෛද්‍යවරයෙකි.
අත්අඩංගුවට ගන්නා ලද මෝදකවල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකට අධිකය.
සැකකාර වෛද්‍යවරයා සහ මදන මෝදක තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බද්දේගම පොලිසිය වෙත බාරදී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.