IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ ග්‍රාම සේවා වසම් 30ක ජනයා අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට

(මහේෂ් කිර්තිරත්න)
 
මාතලේ දිස්ත්‍රික්කය පුරා ඇති අලිමංකඩ ඇහිරීමෙන්, වන  අලින්ට තම වාස භුමිය තුළ සැරිසැරීමට ඇති ඉඩකඩ සිමා වී ඇති නිසා අලි-මිනිස් ගැටුම් උග්‍රවීමෙන් ග්‍රාම සේවා වසම් 30කට වැඩි ප්‍රමාණයක පදිංචිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගැෆෙක් ශ්‍රී ලංකාහි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.
 
මාතලේ දඹූල්ල, ගලේවෙල, ලග්ගල, නාඋල, විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එම ග්‍රාම සේවා වසම්වල ජනයාට  තත්වය උදා වී ඇති බවද ජයතිස්ස මහතා සඳහන් කරයි.
 
මේ වන විට දඹුල්ල රිදී බැඳිඇල්ල අලිමංකඩ, දිගම්පතහ, සීගිරිය, හබරණ මාර්ගයේ අලිමංකඩ සහ කළුගඟ, සුදුකන්ද අලිමංකඩවල් අවහිරවීමෙන් අලින්ගේ සාම්ප්‍රදායික මාර්ග වෙනස්වීම නිසා, අලින් ජනයා වෙසෙන පැති ඔස්සේ ගමන් කිරීම මීට හේතුව බවද ඔහු පවසයි.
 
තවද මොරගහකන්ද සහ කළුගග ජලාශ ව්‍යපෘතීන් ඉදිකිරීම නිසා වස්ගමුව ගිරිතලේ සහ මින්නේරිය වනාන්තර හා අභයභූමිවල අලිමංකිඩ අවහිරවීමද මීට බලපා ඇති බවද ගාමිණි ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
 
විල්ගමුව, ලග්ගල, දඹූල්ල, නාඋල ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අලි තර්ජනය දැඩි වශයෙන් බල පා ඇති බවත් මේ වන විට අනෙකුත් ප්‍රදේශවලට අලින් සංක්‍රමණය වන බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
 
වන අලින් ගම්මානවලට කඩා වැදීම නිසා ජන ජීවිතය මෙන්ම ගොවිතැන් ද සම්පුර්ණ වශයෙන් අඩාල වී ඇති බවත් මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බවත් ගාමිණ ජයතිස්ස මහතා පෙන්වා දෙයි.



අදහස් (0)

මාතලේ ග්‍රාම සේවා වසම් 30ක ජනයා අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site