(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යතුරුපැදියකින් පැමිණී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු අද (29) අලුයම මාතර නගරයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. එහි ආරක්ෂක නිලධාරියා ද පසෙකට පැන බේරී තිබෙන බව කියති.
මෙම නිමි ඇදුම් ආයතනයේ පස් වැනි සහ හය වැනි මහල් වල වීදුරු වලට වෙඩි වැදීමෙන් අලාභ හානි සිදු වී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ටී. 56 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
එම ගොඩනැගිල්ල අවට බිම වැටී තිබු හිස් පතොරම් කොපු පහළොවක් පොලීසිය සොයා ගෙන තිබේ.
මෙය කප්පම් සිද්ධියක් පදනම් කර ගෙන සිදු වු දෙයක් ද එසේත් නොමැතිනම් වෙනත් අරමුණකින් සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
අදාල වෙඩික්කරුවන් හඳුනා ගැනීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස සී.සී.ටී.වී ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේ කටයුතු ද පොලීසිය ආරම්භ කර ඇත.
ඊට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්ද විමර්ශන කටයුතු සදහා පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතර නිමි ඇඳුම් අලෙවි සලකට වෙඩි ප්‍රහාරයක්