(ඩී.ජී.සුගතපාල)
සාදවලට මත්පෙති බෙදා හරින තරුණයින් තිදෙනෙකු සහ තරුණියක් මත් පෙති 120ක්ද සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අත්තිඩිය ,දෙහිවල, සහ බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචි වික්‍රමරත්නගේ තාරක මධුසංක(25) වික්‍රමාරච්චි පතිරැන්නැහෙලාගේ සංජය කුමාර(30)ප්‍රනිත් දිල්ශාන් කුමාර(24) කිරුම්බර ආරච්චිගේ සඳුනි මධුශානි(23) යන සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වේ .
ඔවුන් කුලියට ගන්නා ලද මෝටර් රථයකින් හික්කඩුව ප්‍රදේශයේ සාදවලට බෙදා හැරිම සඳහා මත්පෙති තොගයක් රැගෙන එන බවට ලැබුන තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (12)රාත්‍රි හික්කඩුව බද්දේගම දුම්රිය හරස් මාර්ගයේදි සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවන් පරික්ෂා කිරිමෙදි මත්පෙති 120ක් සොයාගෙන ඇති අතර පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මුහුණ පොත හරහා පවත්වනු ලබන සාදවට සහ විදේශිකයින්ට අලෙවි කිරිම සඳහා මෙම මත්පෙති රැගෙන විත් ඇති බවය.එක පෙත්තක් රුපියල් 4000සිට 5000දක්වා මිල ගණන්වලට අලෙවි කරන බවද අනාවරණයවි තිබේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී
2025 දෙසැම්බර් මස 18
602
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා-තරුණිය රිමාන්ඩ්