IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මතුගම සමෘද්ධි නිලධාරියා ඝාතනය කළ සැකකරු පොලිසියට කොටුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මතුගම උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලාගිය හිටපු නාවික හමුදා සෙබළා දින 27 කට පසු අද (23) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක් වුයේ මතුගම දෙල්ගහවත්ත පදිංචිව සිටි මනෝජ් කුමාර නැමැති 44 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු ඝාතනයට යොදා ගත් මන්නාපිහිය සහ අත් බෝම්බයක් පොලිසිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හමුදා සෙබළා ඝාතනයට ලක්වූ සමෘද්ධි නිලධාරියාගේ ඥාතියෙක් බව පොලිසිය පැවැසීය.

සැකකරු ඝාතනයට ලක්වූ සමෘද්ධි නිලධාරියාගේ නිවසේ ජනෙල් පියනක් කඩා නිවස ඇතුළට අත් බෝම්බයක් දමා ගසා තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මද වේලාවකට පසුව සමෘද්ධි නිලධාරියා නිවසින් පිටතට පැමිණීමේදී සැඟවී සිටි සැකකරු තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබේ.

එම අවස්ථාවේ සමෘද්ධි නිලධාරියා ද පෙරලා සැකකරුට පහරදී ඇති අතර එයින් සැකකරුගේ වම් අත සහ කණක් තුවාල වී ඇති අතර ප්‍රදේශයෙන් පලාගිය සැකකරු රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා හොර රහසේ පිටව ගොස් ඇති බව පොලිසිය පැවැසීය.

සැකකරු ගණේමුල්ල  කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ නිවසකට පැමිණි බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

මතුගම සමෘද්ධි නිලධාරියා ඝාතනය කළ සැකකරු පොලිසියට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site