(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාසල් සිසුන්ට සහ හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට මත්කරල්අලෙවි කරන පුද්ගලයකු මත්කරල් 1200ක් සමඟ අද(23) පයාගලදී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි අයෙකි.
සැකකරු පාසල් සිසුන්ට මෙම මත්කරල් රුපියල් 300 බැගින්ද, හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට රුපියල් 600 බැගින්ද, අලෙවි කර ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමේදී පොලිසිය මගහරිමින් පළාගිය සැකකරුව දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගත් බවද, පොලිස් නිලධාරීන්ගෙන් මිදී යාමට ඔහු දැඩි වෙහෙසක් දැරූ බවද පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සැකකරු හා පොරබැඳීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd